කැබිනට් මණ්ඩල තීන්දුවෙන් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් 100,000 කට දැඩි අසාධාරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

කැබිනට් මණ්ඩල තීන්දුවෙන් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් 100,000 කට දැඩි අසාධාරණයක්

කැබිනට් මණ්ඩල තීන්දුවෙන් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් 100,000 කට දැඩි අසාධාරණයක්

වැඩිකළ වැටුපට අනුව විශ්‍රාම වැටුප ගණනය කිරීම අත්හිටුවීම හේතුවෙන් 2016 න් පසුව විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් 100,000 කට පමණ දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි විදුහල්පති හා ගුරු සංගම් චෝදනා කරයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප 107 % වැඩිකිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2016 වසරේ ජනවාරි මස 01 වැනිදින සිට 2020 වසරේ 01 වැනිදින දක්වා අදියර පහකින් වැටුප් වැඩිකිරීමට යහපාලන ආණ්ඩුව සහ නව ආණ්ඩුව පියවර ගත්තේය.

ඒ අනුව 2016 වසරේ ජනවාරි මස 01 වැනිදින සිට 2020 ජනවාරි මස 01 වැනිදින දක්වා කාලය තුළ යම් සේවකයෙකු විශ්‍රාමගිය හොත් ඔහුද 2020 ජනවාරි මස 01 වැනිදින දක්වා සේවය කළ බවට සිතා වැඩිවන වැටුපට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ගණනය කිරීමට ඉකුත් රජයේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබිණි.

ඉකුත් රජයේ එම තීන්දුව නව රජයේ කැබිනට් මණ්ඩලයද අනුමත කළ අතර ඒ බව දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉකුත් දෙසැම්බර් මස 10 වැනිදින චක්‍රලේඛනයක් පවා නිකුත් කළේය.

එහෙත් ඉන්පසු ඉකුත් ජනවාරි මස 02 වැනිදින කැබිනට් මණ්ඩලය විසින් ඉහත තීන්දුව අත්හිටුවන ලද අතර ඒ බව දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා තවත් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad