‘මං දෙන තීන්දුව ඊට අන්තයි.. ඔක්කොම හෙල්ලිලා ඉන්නෙ..’ සිල් රෙදි නඩුව හා දිවිනැගුම නඩුව ගැන රන්ජන් හා විනිසුරු අතර සංවාදයේ හඬ පටය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 13, 2020

‘මං දෙන තීන්දුව ඊට අන්තයි.. ඔක්කොම හෙල්ලිලා ඉන්නෙ..’ සිල් රෙදි නඩුව හා දිවිනැගුම නඩුව ගැන රන්ජන් හා විනිසුරු අතර සංවාදයේ හඬ පටය මෙන්න

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක අතර සිදු වූ තවත් දුරකතන සංවාදයක් ඊයේ  මාධ්‍ය වෙත නිකුත්විය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට සම්බන්ධයෙන් පැවති සිල් රෙදි නඩුව මෙන්ම තවත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරයි.
බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ දිවිනැගුම නඩුව හා උදය ගම්මන්පිල මහතාට එරෙහිව පැවති තවත් නඩුවක් සම්බන්ධයෙන් විශ්‍රාමික විනිසුරුවරිය අදහස් පළ කරමින් කියා සිටින්නේ තමන්ගෙන් එම නඩු ඉවත් කිරීම ගැන කණගාටු වන බවයි.

තමන් එම නඩු දෙකට තමන් තීන්දු දෙන්නේ නම් ඊටත් අන්ත වන බවද ඇය සඳහන් කරන්නීය.

සිල් රෙදි නඩුවේ තීන්දුව ‘ඔක්කොම හෙල්ලිලා ඉන්න’ බවද ඇය එහිදී සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad