ජනපති ගෝටාභය යටතේ අගමැති වී රට කරවන්න මං සූදානම්.. අපි දෙන්නම අදින්නෙත් එක විදිහට.. කරන වැඩත් ලොකු වෙනසක් නෑ - සජිත් ප්‍රේමදාස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 13, 2020

ජනපති ගෝටාභය යටතේ අගමැති වී රට කරවන්න මං සූදානම්.. අපි දෙන්නම අදින්නෙත් එක විදිහට.. කරන වැඩත් ලොකු වෙනසක් නෑ - සජිත් ප්‍රේමදාස

දිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අගමැති වුවනොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ගෝටාභය රාජපක්ෂ මහතා යටතේ රට ගොඩනැඟීමට එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවද ඔහු පැවසීය.

කැස්බෑව ප්‍රදේශයේ දී පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තමන් ඇඳුම් අඳින්නේ එකම විදිහට බවත් කරන කටයුතුවල ලොකු වෙනසක් නැති බවත් ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.

පේ‍්‍රමදාස මහතාගේ මෙම ප‍්‍රකාශයට ජනහමුවේ ජනතාවගෙන් ඉහල ප‍්‍රතිචාර හිමිවිය.


No comments:

Post a Comment

Post Bottom Ad