තොරතුරු දුන්න සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටිනවා - රන්ජන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 9, 2020

තොරතුරු දුන්න සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටිනවා - රන්ජන්

තොරතුරු දුන්න සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටිනවා - රන්ජන්

තමන්ට තොරතුරු දුන් සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවත් පසුගිය කාලයේ තමන් විවිධ පාර්ශ්ව සමග කටයුතු කළ බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

තමන්ගේ හඩපට නිකුත් වීම පිළිබඳව අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“මගේ සටන හොරුන් මිනී මරුවන්, එතනෝල් කාරයන් නීතිය ඉදිරියට පැමිණවීම. එතනදී මම ගන්න ක්‍රමවේදය සදාචාරත්මක නොවෙන්න පුළුවන්. සමහරු කියනවා මම දුරකතන ඇමතුම් පටිගත කිරිම සදාචාරාත්මක නෑ කියලා. මම පසුගිය යුගයේදීම විවිධ පාර්ශ්ව සමග කටයුතු කළා. මට කථා කරන්න වෙනවා හොරුන් එක්ක. සී.අයි.ඩී. මහත්වරුන් එක්ක, අල්ලස් කොමිෂමේ, බරපතල වංචා කොමිෂන් සභාවේ, හිඟන්නන් සමග, ගණිකාවන් සමග, ගෑණු ළමයින් , විනිසුරන් සමග විවිධ අය සමග මට කථා කරන්න වෙනවා. මේ ගැන අවධානයෙන් බුද්ධිමත්ව බලන්න. විනිසුරන්ට මම බලපෑම් කළා කියනවානම් මම  මගේ පෞද්ගලික නඩුවලට කථා කළේ නෑ. රන්ජන් රාමනායකට බෑ විනිසුරුවරයෙකුට කථා කරලා නඩු තීන්දු වෙනස් කරන. මම තාම නීති ශිෂ්‍යයෙක්. මම කොහොමද අධිකරණයට බලපෑම් කරන්නේ. අවුරුදු ගාණක් තිස්සේ අහපු නඩුවකට මම කොහොමද බලපෑම් කරන්නේ. මට තොරතුරු දුන්න සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටිනවා. ශානි අබේසේකර කියන්නේ මම දැක්ක ශ්‍රේෂ්ඨතම සී.අයි.ඩී. නිලධාරියෙක්. මම ශානි වෙනුවෙන් පෙනී සිටිනවා”

No comments:

Post a Comment

Post Bottom Ad