වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක්වන දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා නීති විරෝධී මත්පැන් ළඟ තබාගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව, සිරිගම්පල ප්‍රදේශයේ දී වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු යතුරුපැදියකින් නීතිවිරෝධී මත්පැන් බෝතල් ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් සිය සහෝදරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණ පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රිණි දුලක්ෂි ප්‍රනාන්දු ද පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වු අතර එම සිද්ධියට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ බොහෝ පිරිසකගේ අවධානයට ලක් විය.
අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රීවරියගේ පියා මීට පෙර ද මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් දඞුවම් නියම වූ අයෙකු බව පොලීසිය සදහන් කළේය.
Sunday, January 12, 2020
Home
දේශපාලන පුවත්
එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දු (ස්කුටර් අක්කා)ගේ පියා නීති විරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට
එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දු (ස්කුටර් අක්කා)ගේ පියා නීති විරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment