ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඇඹිලිපිටිය, යෝධගම උදා ගම්මාන භූමියේ පිහිටි නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්තානයේ 3 වන ශාලාවේ අනවසරයෙන් පදිංචි වි සිටින පවුලක් පිළිබද තොරතුරු සොයා බැලීම සදහා නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා (10) දින එහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන මුවාවෙන් කිසිදු නීතිමය පදනමක් නොමැතිව පසුගිය රජයේ දේශපාලන හිතවත්කම් මත සකසා ගත් ව්‍යාජ ගිවිසුමක් ඉදිරිපත් කරමින් පවුලක් එම දේශන ශාලාවේ බලහත්කාරයෙන් ජීවත් වන බව එහිදී සිදුකළ නිරීක්ෂණයේදි අනාවරණය විය.
පසුගිය රජයේ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා විසින් රාජ්‍ය දේපළ තම හිතවතුන්ට අයතා ලෙස පරිහරණය කිරීමට ඉඩ ලබා දී ඇති බැවින් ඒ පිළිබද සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉන්දික අනුරුද්ධ නිවාස රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව පසුගිය රජය විසින් රාජ්‍ය දේපළ අවභාවිතා කළ සිදුවීම් රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
එහි එක් සිදුවීමක් ලෙස ඇඹිලිපිටිය, යෝධගම උදා ගම්මාන භූමියේ පිහිටි නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්තානයේ 3 වන ශාලාවේ අනවසරයෙන් පදිංචි වි සිටින පවුලක් පිළිබදව තොරතුරු සොයා බැලීම සදහා අමාත්‍යවරයා හදිසියේම එහි ගොස් නිරීක්ෂණය කළේය
අමාත්‍යවරයා ශාලාව නීරීක්ෂණය කරන අතර තුර එම ස්ථානයට පැමිණි රුහුණු දිරිය පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති ලෙස හදුන්වන මෙම ශාලාවේ අනවසරයෙන් පදිංචිව සිටින පුද්ගලයා සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. පසුව ඇඹිලිපිටිය පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගත් අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
මෙලෙස අනවසරයෙන් පදිංචි වී සිටින පිරිස එකම පවුලක සාමාජිකයින් වේ. මෙම දේශන ශාලාව කාමර 3 ක්, සාලයක්, කුස්සියක් සහ වැසිකිළියක් සහිත නිවසක් බවට පරිවර්ථනය කරගෙන ඇති බව නිරීක්ෂණය විය. නිවසකට අවශ්‍ය සියලුම ගෘහභාණ්ඩ සහ එම දෙපලගේ මංගල ඡායාරූප ප්‍රදර්ශනය කර ඇති අයුරු එහිදී දැකගත හැකි විය.
පසුගිය ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රුව සහිත බැනර්, කටවුට්, පෝස්ටර් එම ස්ථානයේ තිබී සොයාගනු ලැබිණි. සමාජ සේවා කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් බව සදහන් කරමින් මෙම ශාලාව ලබාගෙන ඇති නමුත් එහි කිසිදු සමාජ සත්කාරක වැඩසටහනක් මේ වනතුරු ක්‍රියාත්මක කර නොමැත. බදු ගිවිසුමේ සදහන් කොන්දේසි කඩ කරමින් මෙම පවුල මේ වන විට එහි පදිංචිව සිටිති. වසර 02 ක බදු කාලය අවසන් වීම සහ බදු ගිවිසුමේ සදහන් කොන්දේසි කඩ කර ඇති බැවින් අදාළ දේපළ නැවත භාර දෙන ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඔවුන්ට ලිඛිතව දැනුම් දී ඇති නමුත් එය නොසලකා හරිමින් බලහත්කාරයෙන් එම රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් සිටී.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා. “ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නිවාස අමාත්‍යංශය යටතේ රාජ්‍ය දේපළ විශාල ලෙස අවභාවිත වී තිබෙනවා. එම නිසා මාසයකට කිහිපවරක් මෙවැනි ස්ථාන අපි පරීක්ෂා කරන්න යනවා. එසේ පරීක්ෂා කර නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දෙනවා. මෙම නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය තියෙන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් භූමියක. 2019 ජනාධිපතිවරණයට පෙර සිටි දේශපාලන අධිකාරිය මේ කිසිවක් නිසි ලෙස පරිපාලනය කරන්නට නිළධාරීන්ට අවස්ථාව ලබා දීලා නැහැ.
මෙම කාර්යාලය ඇතුළට ගියවිට දක්නට ලැබුණේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාගේ මැතිවරණයට අදාළ ඒවා. මෙම පිරිස 2016 සිට මෙහි රැදී ඉන්නවා. නමුත් අදාළ බදු ගෙවා නැහැ. මේ කාරණාව රජයේ දේපළ අවභාවිතා කිරීමක්. මේ වගේ කරුණු කාරණා රැසක් හිටපු නිවාස ඇමතිතුමා, වත්මන් විපක්ෂ නායකතුමා රට පුරා කරලා තියෙනවා. නිවාස අමාත්‍යංශය යටතේ ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වගේ ආයතන රැසක් විනාශ වෙලා තියෙනවා. බොහෝ ආයතන තම හිතවතුන්ගේ අවශ්‍යතාවයන් පිනවන්න යොදාගෙන තියෙනවා.
මෙම ස්ථානය රාජ්‍ය නොවන සංවිධානයකට ලබා දුන්නා කියලා කිව්වට කරලා තියෙන්නේ පවුලකය පදිංචි වෙන්න දීමයි. මේ පවුලට බෙලිඅත්ත සහ තංගල්ල යන ප්‍රදේශ වල නිවාස 2 ක් තියෙනවා. මේ අයට ජීවත් වෙලා ඉන්න තැන් තියෙනවා. එසේ තිබියදිත් මෙම රාජ්‍ය දේපළ අවභාවිතා කරලා. මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අදාළ ඇමතිවරයා ලෙස මා සිදු කරනවා. ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන්න කියලා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට මා උපදෙස් ලබා දුන්නා” යනුවෙන්ද පැවසීය.
– මාධ්‍ය ඒකකය
Sunday, January 12, 2020
සජිත්ගේ තවත් පොදු දේපල අවභාවිතාවක් මාට්ටුයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment