ශ‍්‍රී ලංකා පිල දක්‍ෂතා අතර නෑ.. නායකත්වය අතහරින්න මං සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 12, 2020

ශ‍්‍රී ලංකා පිල දක්‍ෂතා අතර නෑ.. නායකත්වය අතහරින්න මං සූදානම්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ක‍්‍රිකට් තරඟ වල දක්ෂතා අතර නැති බව කණ්ඩායමේ නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම අද වන විට ශ්‍රේණිගත කිරීම්වල ඇත්තේ අංක 09 බවත් එවන් කණ්ඩායමක් දක්ෂතා අතරට ඒමට සෑහෙන කාලයක් යන බවද ඔහු සඳහන් කළේය.

පරාජිත ඉන්දීය සංචාරයෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපලේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තරග පරාජය වන්නේ නායකත්වය හේතුවෙන් යැයි කිසිවකු පවසන්නේ නම් තමන් නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad