මෙම මස අගදී පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගමන සඳහා දරන්නට වන සියලු වියදම් සිය පෞද්ගලික මුදලින් පියවීමට තීන්දු කර ඇතැයි වාර්තා වේ.
මේ සඳහා වන කිසිදු වියදමක් රජයෙන් නොගෙවිය යුතු යැයි ජනාධිපතිවරයා දන්වා ඇතැයිද පැවසේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ලබාගන්නා ගුවන් ටිකට්පතට පමණක් නොව ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සඳහා වන ගුවන් ටිකට්පත්ද ඒ සියලුදෙනාගේ හෝටල් ගාස්තු හා රෝහල් ගාස්තු ඇතුළු සියලු වියදම් ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදලින් පියවීමට කටයුතු යොදා ඇතැයි පැවසේ.
ජනතා වරමින් තේරී පත්වන මහජන නියෝජිතයන් තමන්ගේ පෞද්ගලික විය හියදම් තමන් විසින් දරා ගැනීමේ ප්‍රතිපත්තිය දිරිගැන්වීම පිණිස ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.
Sunday, January 12, 2020
ජනපති අතින් ගෙවාගෙන බෙහෙත්ගන්න සිංගප්පූරුවට යන්න හදයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment