නායකත්වය ගැන තීරණයක් ගන්න එජාප මන්ත්‍රීවරු අද රැස්වෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 9, 2020

නායකත්වය ගැන තීරණයක් ගන්න එජාප මන්ත්‍රීවරු අද රැස්වෙති

නායකත්වය ගැන තීරණයක් ගන්න එජාප මන්ත්‍රීවරු අද රැස්වෙති

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව සහ පක්ෂ ව්‍යුහය සකස් වන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (09) දිනයේ පැවැත්වෙන බවත් එහිදී අවසන් තීන්දුවක් ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

මෙම හමුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් මහලේකම්වරයා  සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට ඊයේ (08) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad