මියයන තෙක් තමා ජනතා සේවය වෙනුවෙන් කැප වී කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ අනුව දේශපාලනික වශයෙන් නව උපතකින් තවදුරටත් දේශපාලනයේ නිරත වන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට සමු දීමෙන් අනතුරුව පළමු වරට සිය ගම් ප්‍රදේශය වූ පොළොන්නරුව බලා ගිය අතර එහිදී හිටපු ජනාධිපතිවරයාට උපහාර දැක්වීමේ උත්සවයක් අද (30) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්විණි. එම උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
2014 නොවැම්බර් මාසයේදී එවක පැවති රාජපක්ෂ රජයෙන් ඉවත්ව විපක්ෂයට පැමිණි අවස්ථාවේදී 'අයියෝ ඔලුව ගලේ ගහගන්නද හදන්නේ' යැයි ඇතැම් පුද්ගලයන් තමාගෙන විමසා සිටි බව සිහිපත් කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ඒ පරිද්දෙන්ම ඇතැම් අය දැන් තමාගේ දේශපාලනය අහෝසි වී ඇතැයි සිතන බවයි. එහෙත් තමා මියයන තෙක් දේශපාලන අත් නොහරින බවත්, ජනතා සේවය වෙනුවෙන් නව උපතකින් දේශපාලන කටයුතු ආරම්භ කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
Sunday, December 1, 2019
අවසන් හුස්ම වැටෙනකං දේශපාලනය කරනවා - මෛත්‍රී
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment