අතීතයේ ඇතිවු වැරදි වැටහිම් වලක්වා ගන්න කටයුතු කරනවා : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 1, 2019

අතීතයේ ඇතිවු වැරදි වැටහිම් වලක්වා ගන්න කටයුතු කරනවා : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ ඇති වැරදි වැටහීම් වලක්වා ගැනීම සඳහා “අවංකව සහ මුලිකත්වය" ගෙන තමන් කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

චීන ආයෝජනයන්ට විකල්පයක් ලෙස ඉන්දියාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාවේ වැඩි ආයෝජනයන් සිදු කළ හැකි බවට මෙහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා "ද හින්දු" පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

චීනය හා පාකිස්තානය සමඟ ඇති ශ්‍රී ලංකාවේ සබඳතා සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන්ට සැකයක් හෝ ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බවයි මෙහිදි ජනාධිපතිවරයා කියා සිටියේ.

වරාය සංවර්ධනය සහ ත්‍රිකුණාමලයේ ඉන්ධන ගබඩා සංකිර්ණය සම්බන්ධයෙන් 2017 වර්ෂයේදි ඉන්දියාව සමග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අදහස කුමක්ද යන්න මෙහිදී "ද හින්දු" පුවත්පත විමසා සිටියා.

"අපට යම් යම් ක්‍රමවේදයන් වෙනස් කළ යුතු ව්‍යාපෘති කිහිපයක් තිබෙනවා. මම තවම සියලු ව්‍යාපෘති විස්තරාත්මකව අධ්‍යයනය කරලා නැහැ. ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රි ලංකා සංචාරයේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරට සාකච්ජා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම
ශ්‍රී ලංකාවට වැදගත් වන සියලුම ව්‍යාපෘති කඩිනම් කරන බවට මම පොරොන්දු වනවා" ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම හෝටලයක් හෝ පර්යන්තයක් බදු දෙන ආකාරයට හම්බන්තොට වැනි උපායමාර්ගීකව වැදගත් කමකින් යුත් වරායක් බදු දීම අනුමත නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

වරායක් හෝ ගුවන් තොටුපළක් බද්දට ලබාදීම වෙනස්ම කාරණාවක්. අපේ රට ඇතුලේ ඔවුන්ට ඕනෑම දෙයක් සිදු කිරිමේ හැකියාවක් මේ තුලින් ලැබෙනවා.

පසුගිය රජය විසින් 99 වසරක බද්දක් සදහා වටිනාකමකින් යුත් මේ වරාය බදු දීම ගැන අනාගත පරපුර කවදා හෝ දිනයක අපිට ශාප කරනවා. ඒ නිසයි මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න අපේ රජය තීරණය කලේ, ජනාධිපතිවරයා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad