පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ රාජ්‍ය අනුග්‍රහය ඇතිව, ගෝඨාභය රාජපක්ෂගේ අණින් ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් මගින් ක්‍රියාත්මක කෙරුණු කුප්‍රකට ඝාතන රැල්ල පිළිබද ආන්දෝලනාත්මක හෙලිදරව්වක් අද (නොවැම්බර් 10) සිදු කෙරිණ. ඒ කොළඹ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ මූලස්ථාන පරිශ්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.
මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අදාළ හෙලිදරව්ව සිදු කළ ප්‍රකාශකයින් හදුන්වා දෙමින් කියා සිටියේ පසුගිය රාජපක්ෂ රජය විසින් මෙහෙයවූ ඝාතන රැල්ල තමා තරයේ හෙලා දකිමින් එම රජයෙන් ඉවත්වූ බවයි.
රාජපක්ෂ රජය තුළ ඇමතිධුර දරමින් වුවත් තමා නිරන්තරයෙන් මනුෂ්‍ය ඝාතනය ප්‍රතික්ෂේප කළ බවත්, අදටත් රාජපක්ෂවරුන් තමා සමග දැඩි වෛරයකින් පසුවීමට ප්‍රධානතම හේතුව එය බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. 2015 ජනාධිපතිවරණ වේදිකාවේදී මේ ඝාතකයන්ට දඩුවම් ලබා දෙන බවට ජනතාවට දුන් පොරොන්දුව අමාත්‍යධුර භාර ගත් පසුද ඉටු කෙරිණ. නමුත් රාජපක්ෂවරුන්ගේ දූෂිත සෙවනැලි නිසා විසදන්නට නොහැකිවූ එම ප්‍රශ්නය ඉදිරි කාලයේදී විසදා අවසන් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවූ සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් අධික වධ බන්ධන දී මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීම අත්විදි බොහෝ පාර්ෂවයන් මේ වන විට තමන් සමග අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේ. පසුගිය අදුරු රාජපක්ෂ යුගය පිළිබදව හෙලි කිරීමට ඒ සියලු දෙනා ඉදිරි දින වල තම අත්දැකීම් හෙලිකරනු ඇති බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ප්‍රථමයෙන් අදහස් දැක්වූයේ ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු විසිනි. ඔහු සුදු වෑන් ක්‍රියාකරුවෙකි. ශ්‍රී ලංකාවේ පළමු වරට සුදු වෑන් ක්‍රියාකරුවෙකු විසින්ම එදා සිදුවීම් හෙලිකිරීම විශේෂත්වයකි. බුත්තල, කතරගම, තිස්ස, වැල්ලවාය, ඔක්කම්පිටිය හා මොණරාගල යන ප්‍රදේශවල ක්‍රියාත්මක වුණු සුදු වෑන්රථයක් ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු විසින් පදවා ඇත. වධකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මොණරාගල ප්‍රදේශයේ ස්ථානයක ඡායාරූපද ඔහු විසින් පෙන්වා දුන්නේය.
ප්‍රශ්න කිරීම් සිදු කරමින් විවිධ වධ හිංසා ලබා දෙමින් ඉන් අනතුරුව ඝාතනයන් සිදු කරන බවත්, මලසිරුරු සගවන ආකාරය පිළිබදවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී හෙලි කළේය. ඔක්කම්පිටියේ, ගල්ටැම්මැණ්ඩිය නම් ගමේදී සිදු කිරීමට අණ ලැබුණු අමානුෂික පැහැරගැනීමක් පිලිබද ඔහු සිය මතකය විස්තර කර දුන්නේය. තමා ඉන් ඉවත්වූ පසුව තමා විසින්ම පොලිසියට පැමිණිලි කර ඇති බව ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු සදහන් කළේය. නමුත් කිසිදු පැමිණිල්ලක් විමර්ශනයට ලක් නොවන බවත් රාජිත සේනාරත්න අමාත්‍යතුමා පිළිබද විශ්වාසයක් තමාට ඇති බවත් ඔහු කියා සිටියේය. තමා මේ සියලු හෙලිකිරීම් සිදු කරන්නේ යහපත් චේතනාවෙන්, අනාගතයේ භීෂණ යුගයක් උදා නොවනු පිණිස බවත් ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු විසින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මීලගට අදහස් පල කළේ අතුල සංජීව මදනායක විසිනි. සුදු වෑන් රථයකින් පැහැරගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අසත්‍ය චෝදනාවකට බන්ධනාගාරගත කෙරුණු ඔහු නිදහස ලබන්නේ 2019 මාර්තු මාසයේදීයි. එල්ටීටීඊ සංවිධානය විසින් සගවා තැබූ රත්‍රන් කූරු සහ විදේශ මුදල් තොගයක්, හෙට්ටිවීදිය සාරංග ජුවෙලර්ස් වෙත ගෙන යමින් තිබියදී සිදු කළ සොරකමක් හේතුවෙන් අතුල සංජීව මදනායක සුදු වෑන් රථයකින් පැමිණ පැහැර ගෙන තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතාට අයිති එම මුදල් සහ රත්‍රන් තමා ඇතුලු කණ්ඩායම පැහැර ගැනීම නිසා තමාට මෙම සිදුවීමට මුහුණදුන් බව ඔහු සදහන් කළේය. යාපනයේ සිට එම මුදල් හා රත්‍රන් තොගය රැගෙන ආ පුද්ගලයාට කිසිදු ගැටලුවක් මේවන තුරු නොමැති බවත් තමා සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් දින කිහිපයකට පසු බන්ධනාගාරගත කෙරුනු බවත් ඔහු කියා සිටියේය. එම නඩුව මේ වන විටත් ක්‍රියාත්මක අතර ඊට අදාළ ලේඛනද ඔහු විසින් මාධ්‍යවේදීන් වෙත ලබා දෙන ලදී.
ප්‍රභාකරන් විසින් විදේශීය මුදල් හා රත්‍රන් සංචිත තබා ගත්තේ අනාගතයේ ඔහු තනා ගැනීමට අපේක්ෂාවෙන් සිටි ඊලාම් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා බවයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දුනනේ. මීට පෙරද කිහිපවරක් විදේශ මුදල් හා එල්ටීටීඊ සංවිධානයට අයත් රත්‍රන් තොග පිළිබද වාර්තා කෙරිණ. අනාගත ඊලාම් රාජ්‍ය සදහා එල්ටීටීඊ සංවිධානය එකතු කළ රත්‍රන් සහ විදේශ මුදල් වලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබදවත් ඉදිරියේදී හෙලිකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එම්.අයි.ජේ. විජේනායක
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්.
Monday, November 11, 2019
Home
දේශපාලන පුවත්
ගෝටාගේ සුදු වෑන් රියදුරා මමයි.. පැහැරගත් අය දත්, නිය ගලවා මරා බඩ කපා කිඹුලන්ට කන්න වැවට දැම්මා..(video)
ගෝටාගේ සුදු වෑන් රියදුරා මමයි.. පැහැරගත් අය දත්, නිය ගලවා මරා බඩ කපා කිඹුලන්ට කන්න වැවට දැම්මා..(video)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment