පසුගිය බ්‍රහස්පතින්දා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී තමන්ට බාධා කළ බව පවසමින් කොළඹ ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම්භාර නිලධාරී K.C නිරෝෂන් මහතා ඇතුළු කණ්ඩායමක් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
කොළඹ මැතිවරණ කාර්යාල ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනය සඳහා මැතිවණ නිලධාරීහු පොලිස් නිලධාරී ද සමඟ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට පැමිණියහ .
පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සංස්ථා භූමියෙන් පිටව යන අවස්ථාවේ ඔවුන් ව තම අඩස්සියට ගැනීම පිරිසක් ක්‍රියාකළහ.
පැය භාගයකට පසුව එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම නිලධාරීන් මුදා ගැනීමෙන් අනතුරුව පිටත්ව ගියේ රූපවාහිනී නිලධාරීන් පිරිසට දැඩි විරෝධය පළ කරමිනි .
මැතිවරණ නිලධාරීන්ට බාධා එල්ල කිරීමේ ක්‍රියාවලියට සංස්ථා සේවකයින් ගේ සහාය හිමි නොවූ අතර ඔවුන් සිද්ධියේ ප්‍රේක්ෂකයන් බවට පමණක් පත් විය .
ඇතිවූ සිද්ධිය පිළිබඳව ප්‍රධාන සහකාර මැතිවණ තේරීම් බලධාරී K.C නිරෝෂන් මහතා කුරුඳුවත්ත පොලිසිය හමුවේ එදින රාත්‍රී පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පසුදා අළුයම 2.00 පමණ වනතෙක් මැතිවරණ මැතිවරණ නිලධාරින්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරනු ලැබිණ.
ඒ අනුව එදින රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් ගේ සාක්ෂි සටහන් කර ගැනීම අද දිනයේ සිදු කෙරිණ
– repoter
Sunday, November 10, 2019
පොලීසිය වැඩ අරඹයි.. රූපවාහිනියේ සේවයේ යෙදී සිටි නිලධාරීන් ගෙන් ප‍්‍රශ්න කරයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment