sajith premadasa - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 14, 2019

sajith premadasa

ර්තමානයේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවතින පාලන ක්‍රමයද උඩුයටිකුරු කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් ජනාධිපති වූ පසුව ජනතා බදු මුදලින් නඩත්තු වීම ඉතාම අවම මට්ටමකට ගෙන එන බවත් හෙතෙම මොණරාගලදී ඊයේ (13දා) පැවැති අවසන් ජනරැලියකදී කීය.


ජනාධිපති වෙනුවෙන් වෙඩි නොවදින වාහන හෝ වෙන කිසිදු වාහනයක් ලබා නොගෙන, තම පුද්ගලික වාහනයෙන් ගොස් රාජකාරි කටයුතු කරන බවත්, එමගින් ඉතිරිවන මුදල් පෙර පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබාදීමට වැය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

තමන් ජනාධිපති මන්දිරය හෝ වෙනත් මන්දිර භාවිත නොකරන බවත් තම පුද්ගලික නිවසේ දිගටම වාසය කරන බවද ඒ මහතා කියා සිටියේය.

රාජ්‍ය ආයතනවලින් සිදුකරන නාස්තිකාර වියදම් සියල්ල නවත්වා ඒ හැම මුදලක්ම ජනතා සුබ සිද්ධිය සඳහා වැය කරන බවද කී සජිත් ප්‍රේමදාස මහතා පාලකයා සුරසැප විඳින කාලයක් නොව ජනතාවට රජ සැප ලබාදෙන යුගයක් උදා කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, මොනරාගල -  නයන ඉහළගෙදර

No comments:

Post a Comment

Post Bottom Ad