විවිධ රෝගයන් සදහා භාවිත කෙරෙන අත්‍යවශ්‍ය ඖෂධ වල ඖෂධ නාමයන් 55 ක මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය ඊයේ පෙරවරුවේ නිකුත් කෙරිණ.
මෙම ඖෂධ නාමයන් වල මිල අඩු කිරීමත් සමග මෙරට වෙළෙදපොලෙහි පවතින ඖෂධ වෙළෙද නාමයන් දහසකට අධික සංඛ්‍යාවක මිල අඩු වීමට නියමිතයි. මීට අමතරව දැනට අත්‍යවශ්‍ය තත්වයේ පවතින වෛද්‍ය උපකරණ 7කද මිල අඩු කර ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 අංක 5 දරණ විධිවිධානයන්ට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මිල අඩු කිරීම් සියල්ල සිදු කර ඇත. ඒ අනුව අදාළ ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ සියල්ලෙහි උපරිම සිල්ලර මිල සංශෝධිත නව මිල දර්ශනයට අනුකූල විය යුතු අතර කිසිදු අයුරකින් මෙම නව මිල ගණන් වල ඉහල දැමීමක් සිදු නොකළ යුතුය. ආනයනයකරු හෝ නිෂ්පාදකයා විසින් අදාළ ඖෂධයේ හෝ උපකරණයෙහි මිල එහි මුද්‍රණය කිරීමද අනිවාර්යයෙන් සිදු කළ යුතුය.
ගැසට් නිවේදනය මගින් මිල අඩු කෙරුණු ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ ලැයිස්තුව පහතින්
Saturday, November 16, 2019
medicine price reduced
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment