ප්‍රවීණ රංගන ශිල්පිණියක වන චන්ද්‍රා කලුආරච්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට වසර 76ක් වන ඇය මෙරට කලාවට විශාල මෙයෙහක් ඉටු කළ රංගන ශිල්පිණියක්.
1960 දශකයේදී සිනමාවට පිවිසි චන්ද්‍රා කළුආරච්චි
මහත්මිය රංගනයෙන් දායකවූ චිත්‍රපට අතර රෝමියෝ ජුලියට් කතාවක්, දඬුමොණරා, ආරාධනා, හිමගිර, යුවතිපති, පවුරු වළලු, ඉර මැදියම, බොරදිය පොකුණ සහ නිසල ගිර ප්‍රසිද්ධය.
දහසක් සිතුවිලි, මොකද වුණේ, ලක්සෙට කොඩිය, තුං මංහන්දිය, වැලි කතර, සිංගප්පූරු චාලි,
මාතර ආච්චි, හත්දින්නත්තරු, සිහසුන, ජීවන ගංගා, දිනුම් කණුව, සිරිල් මල්ලී, ආශා වසන්තයේ දවසක්, පාරදිගේ, දඬු මොනර, සෙයිලම ඇතුළු තවත් චිත්‍රපට 40 කට ආසන්න ගණනක විවිධ චරිත නිරූපණය කර ඇත.
1964 වසරේ දී වේදිකා ගතවූ ප්‍රේම රංජිත් තිලකරත්නගේ ‘වහලක් නැති ගෙයක්’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය ‘එරබොදු මල් පිපිලා’, ‘කැළණි පාලම’ ඇතුළු නාට්‍ය රැසක රඟ පැවාය.
ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ බිරිඳ වූ ඇයට පුතෙකු හා දියණියක සිටී. ඇගේ දියණිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි අමා විජේසේකරයි.
දේහය ගල්කිස්ස කලාපුර අංක 140/31/5 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
Saturday, November 2, 2019
chandra kaluarachchi
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment