නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සියතට ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට තීරණය කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමග දේශපාලන පක්ෂ, ස්වේච්ඡා සංවිධාන, වෘත්තීය සමිති 47ක් පසුගිය සිකුරාදා ගිවිසුම්ගත විය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කරන අතර මහ ලේකම් ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කටයුතු කරයි.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ, ස්වේච්ඡා සංවිධාන වෘත්තීය සමිති මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග ගිවිසුමට අත්සන් කළ අතර එම පක්ෂයේ ආසන සංවිධායකවරු 40ක් පමණ මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම පිරිස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙහෙයවයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක රැලිවලට හිටපු ජනාධිපතිනියද එක්වන අතර ඇය වෙනම ප්‍රචාරක වැඩපිළිවෙළක්ද ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රමාද වී පැමිණීම කාගේත් අවධානයට ලක්විය. අවබෝධතා ගිවිසුම නොලැබීම නිසා එය අධ්‍යයනය කිරීමට කාලයක් නොමැති නිසා මෙම උත්සවයට සහභාගි වීම ප්‍රමාද වූ බව වාර්තා වෙයි.
උදයජීව ඒකනායක
Saturday, November 2, 2019
සජිත්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය රනිල් තමන් අතට ගනී
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment