ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ගැන හරීන්ගේ ටිව්ටර් පණිවුඩයට නාමල්ගෙන් උත්තර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 11, 2019

ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ගැන හරීන්ගේ ටිව්ටර් පණිවුඩයට නාමල්ගෙන් උත්තර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සිට ටිව්ටර් ගිණුමේ පණිවිඩයක් තබමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර නොමැති බවට අසත්‍ය චෝදනා ප්‍රචාරය වන බවය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් ඔස්සේ පණ්වුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම අමෙරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයින්ගේ නාම ලේඛනයේ ඇතුළත්ව නොමැති බවය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු වන අතර ජනපති ධුරයට තේරී පත් වුවහොත් ඔහුට එම ධුරය දැරීමට නොහැකි වන බවය.


No comments:

Post a Comment

Post Bottom Ad