සම්බන්ධීකරණ ලේකම්වරු, මාධ්‍ය ලේකම්වරු, කාර්යාල කාර්ය සහායක, පෞද්ගලික සහකාර, පර්යේෂණ සහකාර නිලධාරීන් ස්ථිර කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කර ඇත.
එම පත්‍රිකාව සම්බන්ධයෙන් අද (11) පෙරවරු 1.00ට පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ද ඒ හා සමාන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනකු ස්ථිර කිරීමට අනුමැතිය ඉල්ලා ඇත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් මියුරු භාෂිත සහ සම්බන්ධිකරණ ලේකම් ඒ.එස්. ජයවික්‍රම මහත්මිය යන අය විවිධ තනතුරුවල ස්ථිර කිරීම සඳහා අනුමැතිය ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයා විශ්‍රාම යන විට මෙම නිලධාරීන් තිදෙනා වසර 05ක සේවා කාලය සම්පූර්ණ කර නොමැති බැවින්, වසර 05ක් සේවා කාලය සම්පූර්ණ කළ බව සලකා අනුමැතිය ඉල්ලා තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (11) පැවැත්වෙන බැවින් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකටම අනුමැතිය ලැබෙනු ඇතැයි රජයේ ආරංචිමර්ගවලින් වාර්තා වේ.


No comments:
Post a Comment