ආනමඩුවේ හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 11, 2019

ආනමඩුවේ හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් !

ණමඩුව පොලිස් වසමට අයත් ආඩිගම ප්‍රදේශයේ හෝටලයකට ඊයේ අළුයම පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව හෝටලයේ හිමිකරු වන ජයන කුමාර මව්බිමට පැවසුවා. පසුගිය වර්ෂ දෙකකට ආසන්න කාලය තුල මේ හෝටලයට මෙවැනි ප්‍රහාර හතරක් එල්ල වී තිබේ . ඊට වෙඩි තැබීමක් හා  මැර ප්‍රහාරයක් ඇතුලත් අතර අවස්ථා දෙකකදී හෝටලය ගිනිබත් කිරීමට උත්සහා දරා තිබේ .

වෙඩි තැබීමට අදාල පුද්ගලයා හා මැර ප්‍රහාරය සිදුකල පුද්ගලයන් මේ වන විට හදුනා ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇතත් ගිනි තැබීම සිදුකල පුද්ගලයන් පිළිබද මෙතෙක් කිසිදු හෝඩුවාවක් නොමැති බව ජයන කුමාර පැවසිය .

බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පෙර හෝටලය වටා පෙට්‍රල් දමා ඇති අතර පසුව ප්‍රහාරය එල්ල කර ඇත . මේ සිදුවීම් හා  පෙර සිදුවීම්ද හෝටලයේ සි .සි.ටි.වී. කැමරා පද්ධතියේ සටහන්ව තිබේ .

පෙරේදා 10  සිදුකල ප්‍රහාරයෙන් හෝටලයට බරපතල හානි සිදුව නොමැත. ආණමඩුව පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

ප්‍රසාද් පුර්ණමාල්


No comments:

Post a Comment

Post Bottom Ad