අලුත් නායකයෙක් නැතොත් මට එජාපයට වැඩ කරන්න බෑ - හර්ෂ ද සිල්වා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

අලුත් නායකයෙක් නැතොත් මට එජාපයට වැඩ කරන්න බෑ - හර්ෂ ද සිල්වා

ක්සත් ජාතික පක්ෂයට ඉදිරියේදී බුද්ධිමත් වැඩක් කළ හැකි, යථාර්ථය තේරුම් ගත හැකි නව මුහුණුවරක් ඉදිරිපත් නොවුණහොත් තමන් ඉදිරියේදී පක්ෂයට දායකත්වය දීමට සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත්වූ චෝදනා අසත්‍ය බව ජනතාවට තහවුරු කිරීමට පක්ෂය ශක්තිමත් නොවූ බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වූයේ ඔහුගේ ප්‍රශ්නයක් නිසා නොව කලක් තිස්සේ පැවති ප්‍රශ්නයක් නිසා බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් වන චෝදනා ගැන නිවැරදි කර ජනතාවට සත්‍යය පහදා දිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

පක්ෂයට ඉදිරිපත්වූ චෝදනා නිවැරදි කිරීමට මෙතෙක් පක්ෂ නායකත්වයට නොහැකි වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad