තමා පෞද්ගලීකරණයට නැඹුරු දේශපාලනඥයකු නොවන බවත් ඕනෑම දෙයකට පෞද්ගලීකරණය යන මෝඩ තීන්දු තමන් ළඟ නැති බවත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ කඩවත, මහර සහ මීගමුව ප‍්‍රදේශවල පෙරේදා (11 වැනිදා* සවස පැවැති ජන රැුලිවලට සහභාගී වෙමිනි. එහිදී සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මොනම හේතුවකටවත් හකුලා ගන්නේ නැහැ. මගේ රජය යටතේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරියේදී අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කරනවා.
අපේ රට අත්සන් කර ඇති සෑම ගිවිසුමක්ම එළඹෙන 16 වැනිදායින් පසුව ආපසු හොඳින් පරිශීලනය කර බලා මොනයම් හෝ ගිවිසුමක ජාතික අවශ්‍යතාවට, අනන්‍යතාවයට, රටේ නිදහසට විරුද්ධව කිසියම් හෝ වගන්තියක් තිබේ නම් එම සියලූම වගන්ති ඉවත් කිරීමට පැකිලෙන්නේ නැහැ. විරුද්ධවාදී කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෝනි බිල්ලන් මවන්නට කටයුතු කරමින් සිටින නමුත් පේ‍්‍රමදාසලා කිසි දිනක රට පාවා දෙන්නේ නැහැ.
රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවලට පවුල් සාමාජිකයන් සහ දේශපාලන ගැත්තන් නොව, දක්‍ෂ නිලධාරීන් පත්කර පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල කෙටි කාලයක් තුළ ලාභ ලබන ආයතන බවට පත් කරනවා.
අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාවට සහ හානියට පත්වූ දේවස්ථානවලට සිදුවූ ඛේදවාචකය පිළිබඳව පෞද්ගලිකව කනගාටු වෙනවා. මුහුදු සම්පත පාවිච්චි කරමින් ‘නිල් ආර්ථිකය’ යන නව සංකල්පය යටතේ රට සංවර්ධනය කරන්න කටයුතු කරනවා. පසුගිය රජය ශී‍්‍ර ලංකා එයාර් ලයින් ආයතනය බිලියන ගණනක ණය ඇති පාඩු ලබන ආයතනයක් බවට පත් කළා. එම ආයතනය මොනම හේතුවක් නිසාවත් පෞද්ගලීකරණය කරන්නේ නැහැ. කෙටි කාලයක් තුළ ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවා.
Wednesday, November 13, 2019
පෞද්ගලීකරණය නමැති මෝඩ තීන්දු මා ළඟ නෑ.... සජිත් පේ‍්‍රමදාස
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment