වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැඟ විරෝධතාවයේ නියැලි සිටින මරණ දඩුවම් නියම වී සිටි සිරකරුවන් 6 දෙනා අද දහවල් වහලයෙන් බැස උද්සෝෂණය නවතා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.
මරණ දඩුවම නියම වූ සිරකරුවන්ට ජීවීත සමාව ලබා දීම හා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූවන්ට වසර 20 කින් ගෙවී යන සේ සළසා තබූ සහනය 1999 වසරේ මාර්තු 04 වැනිදා සිට අහෝසි කිරීම, යන කරුණු සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී ඒ සම්බන්ධ තීරණයක් ගනු ඇතැයි උපවාසයේ යෙදී සිටින පිරිසට දැනුම් දීමේ පසු ඔවුන් වහලයෙන් බැසීමට තීරණය කර තිබේ.
රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට ඉල්ලමින් මොවුන් වලට නැඟ උපවාසය ඇරැඹු අතර ඒ සමඟම අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවලද යම් නොසන්සුන්කාරීත්වයක් හටගෙන තිබිණි.
Wednesday, November 13, 2019
සිරකරුවෝ වහළයෙන් බසිති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment