ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සමට අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ගොනු කර ඇත.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසිනි.
පසුගියදා ඔහුව් දෙදෙනා විසින් ගොනු කරන ලද පෙත්සම අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.
මේ පිලිබදව අදහස් පල කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරණයෙන් ජය ගත හැකිනම් මෙවන් ප‍්‍රශ්ණයක් පැන නොනගින බවයි.
එමෙන්ම මෙම නඩුවද අනිවාර්යෙන්ම අධිකරණය විසිකරන බව දැනගෙන අවසන් දින දෙකේදී දමා ඇති බවත් නඩුව දිවාගත හැකිනම් ඔවුන් මෙම පෙත්සම දමන්නේ අභියාචනාධිකරණයේ තීන්දුව ලද දිනයේම බවද ඔහු පැවසීය.
මේ හරහා උත්සාහ කරන එකම දෙය වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඡුන්දය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින අය දෙගිඩියාවට පත් කිරීම මිස වෙන කිසිම දෙයක් නොවන බවද ඔහු සදහන් කලේය.
Wednesday, November 13, 2019
ගෝටාගේ පුරවැසිකම යලිත් අභියෝගයට ලක් කරයි.. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment