මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් වන සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්‍ෂ, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වීරවිල, නුගේගොඩ සහ පංචිකාවත්ත යන ප්‍රදේශවල පිහිටි ඡන්ද මධ්‍යස්‌ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇත.
ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, නිවාස, ඉදිකිරීම් හා සංස්‌කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වීරවිල, අභයපුර සුරනිමල කනිෂ්ඨ විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නුගේගොඩ මිරිහාන පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමයේදී ද සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇත.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ පංචිකාවත්ත අභයසිංහාරාමයේදී ද සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මෙම ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනාම අද (16 දා) පෙරවරුවේ ම සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටින බවද එම පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.
අකිත පෙරේරා
Saturday, November 16, 2019
Home
දේශපාලන පුවත්
සජිත් අභයපුර සුරනිමල කනිෂ්ඨයේදී ගෝඨාභය පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමයේදී අනුර පංචිකාවත්ත අභයසිංහාරාමයේදී අද ඡන්දය දෙති
සජිත් අභයපුර සුරනිමල කනිෂ්ඨයේදී ගෝඨාභය පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමයේදී අනුර පංචිකාවත්ත අභයසිංහාරාමයේදී අද ඡන්දය දෙති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment