රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 12845 කදී ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 12845 කදී ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා පත්කරගැනීම උදෙසා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම රටපුරා පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථාන 12845 කදී උදෑසන 7ට ඇරඹුණා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව එක් කෝටි පනස් නමලක්ෂ අනූ දෙදහස් අනූ හයක් (15,992,096 ක්).


උදෑසන 7 සිට පස්වරු 5 දක්වා  නියමිත ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.


ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීම අද උදෑසන 7ට ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා පත්කරගැනීම උදෙසා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද  පැවැත්වෙනවා.

ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ වන අතර එය අවසන් වන්නේ පස්වරු 5ටයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෙර පැවති මැතිවරණවලට වඩා අතිරේක පැයක කාලයක් ලබාදී තිබීම විශේෂත්වයක්.

අපේක්ෂකයින් 35 දෙනෙක් තරඟවදින මෙවර ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයට එක්වන්නේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරඟවදින ජනාධිපතිවරණය ලෙසයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව එක් කෝටි පනස් නමලක්ෂ අනූ දෙදහස් අනූ හයක් (15,992,096 ක්)

රටපුරා පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථාන 12845 කදී ඡන්ද විමසීම පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad