අපක්ෂපාතී වන්නැයි කොමිසම මැතිවරණ නිළධාරීන්ගෙන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

අපක්ෂපාතී වන්නැයි කොමිසම මැතිවරණ නිළධාරීන්ගෙන් ඉල්ලයි

සිය රාජකාරි අපක්ෂපාතීව, වගකීමෙන් සහ කාර්යක්ෂමව සිදුකරන ලෙස මැතිවරණ රාජකාරි කටයුතු වල නිරතව සිටින සියලු රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

රජයෙන් දෛනික වැටුප් ලබන අනියම් සේවකයාගේ සිට තේරීම් භාර නිලධාරින් දක්වාවිශේෂ රාජකාරියේ යෙදෙන සියලු රාජ්‍ය නිලධාරීන් ස්වකීය කාර්‍ය භාරය මනා අවබෝධයකින් සහ සුපරීක්ෂාකාරීව ඉටුකර යුතුයි.


ඡන්ද විමසීම සිදුකරන කාලය තුළ ඡන්ද දායකයන්, ඡන්ද අපේක්ෂකයන් සහ ඔවුන්ගේ අවසර ලත් නියෝජිතයන් සමඟ සුහදව කටයුතු කරයුතු බව එම කොමිෂන් සභාව පවසනවා.

කිසිවෙකුටත් බිය නොවන ලෙසත් මැතිවරණ රාජකාරි සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් වගකිව යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවට සහ අධිකරණයට පමණක් බවත් එබැවින් ස්වකීය රාජකාරි කිසිවෙකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වා අත්‍යන්තයෙන් සිය රාජකාරි  අපක්ෂපාතීව සිදුකරන ලෙස විශේෂ මැතිවරණ රාජකාරි වල නිරත සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.

හබරාදුව - අනුර ප්‍රියන්ත

No comments:

Post a Comment

Post Bottom Ad