අපේ ඉල්ලීම් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් සාධාරණය ඉටු වි තිබෙන බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පැවසු බව දමිළ මාධ්‍ය වාර්තා කරයි.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අවධානය යොමු ඇති බවද සම්බන්ධන් මහතා පැවසු බව අදාළ මාධ්‍ය වාර්තා කරයි.
උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට විසදුම් ලබා ගැනීම, උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුවට විසදුම් ලබා ගැනීම,අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ආදි ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අවස්ථාවක් උදාවි ඇති බවද සම්බන්ධන් මහතා එහිදි ප්‍රකාශ කොට තිබිණ.
සම්බන්ධන් මහතා එහිදි වැඩිදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීමට හැකියාවක් නොමැති බව පෙනී යන බවයි.
ජනාධිපතිවරණය වෙනුවෙන් එක්ව සිටින දෙමළ දේශපාලන පක්ෂ නායකයින් හෙට(03) වවුනියාවේදී රැස්වීමට නියමිත අතර, අදාළ පක්ෂවල තීරණය හෙට(03) ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.
වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් හා තරුණයින් හමුවීමේ අවස්ථාවට අගමැතිවරයා සමඟ සහභාගි වු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ දෙමළ දේශපාලන පක්ෂවල හමුවක් හෙට(03) වවුනියාවේ පැවැත්වීමට නියමිත අතර, අදාළ හමුවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා වෙත සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට නියමිත බවයි.
වවුනියාව – මාධව කුලසූරිය
Sunday, November 3, 2019
අපේ ඉල්ලීම් වෙනුවෙන් සජිත්ගේ ප්‍රතිපත්ති තුළින් සාධාරණය ඉටු වෙනවා – සම්බන්ධන්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment