පෞද්ගලික මාධ්‍ය පාලනයට නීතියක් නැහැ - මැකෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 3, 2019

පෞද්ගලික මාධ්‍ය පාලනයට නීතියක් නැහැ - මැකෝ

පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීමට තමන්ට කිසිම නීතිමය බලයක් මැතිවරණ පනත මගින් පවරා නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල ප්‍රධානීන් සමඟ පසුගිය අඟහරුවාදා පැවති රැස්වීමකදී ජ.වි.පෙ. සහ එ.ජා.ප. නියෝජිතයෝ පෞද්ගලික මාධ්‍ය පාලනය කරන ලෙස මැතිවරණ කොමිසමෙන් දිගින් දිගටම ඉල්ලා සිටියහ.

ඒ සඳහා තමාට නීතිමය බලයක් නැතැයි සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී සවිස්තරව කරුණු දැක්වා තිබේ.

තමන් මේ සඳහා බලය ලැබෙන අණ පනත් සම්මත කර දෙන ලෙස මැතිසබයෙන් වාර ගණනාවක් ඉල්ලා ඇතත් එය ඉටු නොවීම ගැන කොමිසම වැරදිකරුවකු නොවන බවයි.

එහෙත් සභාපති දේශප්‍රිය මහතාගේ පැහැදිලි කිරීම පිළිනොගත් එ.ජා.ප. නියෝජිත අජිත් පී. පෙරේරා සහ ජ.වි.පෙ. නියෝජිත බිමල් රත්නායක මැතිවරණ කොමිසමේ සභාපතිගේ තීරණයට විරෝධය පළ කරමින් පක්ෂ නායක රුස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad