කුරුණෑගල පැවැති රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධවීමට පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක විදුලිය විසන්ඳි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
මේ අනුව සජිත් ප්‍රේමදාස මහතා අනතුරුදායක තත්ත්වයකින් බේරුණ බවත් මෙය පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් සිදුකළ බවටත් ඔහු චෝදනා කරයි.
අනතුරුව හෙලිකොප්ටර් යානාව කටුනායකට ගොඩබැස්සවීමට කටයුතු කළේය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට රැළිය ඇමතීමට අවස්ථාව නොලැබුණි.
“බරපතල තත්ත්වයක් ඇතිවුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගල රැස්වීමට සම්බන්ධ වීම සඳහා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයටත් උඩවල්පොල ක්‍රීඩාංගණයටත් හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.
එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ජීවිතයට අනතුරුදායක තත්වයකින් බේරුණා කියලා කියන්න පුළුවන්. මේ වගේ වැඩ කිසිකෙනෙක් නොකළ යුතුයි. අපි මේ මැතිවරණය කරන්නේ සාධාරණ ලෙසයි. මේ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”
– ada
Thursday, October 31, 2019
sajith premadasa
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment