මෙරට දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. මෙම ගිවිසුම හරහා මෙරට භූමියෙන් 20%කට ආසන්න වන කොටසක ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර මගින් ක්‍රියාත්මක වන ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට නියමිතය.
මෙම ගිවිසුමේ අඩංගු කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයභාවයට හානියක් යැයි කියමින් එය අත්සන් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කිහිපවරකදීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
කෙසේ වෙතත් ඊයේ දින හිමිවූ කැබිනට් අනුමැතිය අනුව මුදල් ඇමති මංගල සමරවීර විසින් නුදුරේදීම මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර එය 2020 ආරම්භ වීමත් සමඟ ක්‍රියාත්මට කිරීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අමෙරිකානු එක්සත් ජනපද සහශ්‍ර ආයතනය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයෙන් ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා ගැනීමේ ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයටකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Thursday, October 31, 2019
Home
දේශපාලන පුවත්
මෙරට භූමියේ කොටසක් ඇමෙරිකා ආර්ථික කොරිඩෝවක් වන MCC ගිවිසුමට අනුමැතිය - අත්සන් තැබීම ජනපතිවරණයට පෙර
මෙරට භූමියේ කොටසක් ඇමෙරිකා ආර්ථික කොරිඩෝවක් වන MCC ගිවිසුමට අනුමැතිය - අත්සන් තැබීම ජනපතිවරණයට පෙර
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment