තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 30, 2019

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

මෝටර් වාහන මත පනවන ලද සුඛෝපභෝගී බද්ද සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව කුඩා කාර් රථ, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ (ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ මෙම බද්දෙන් ඉවත් කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

නොවැම්බර් 1 දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ බද්ද සංශෝධනය කර තිබේ.

කෙසේ වෙතත් ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාව ඉක්මවන මුදලට පමණක් සුඛෝපභෝගී බද්ද අයකරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

දෙමුහුන් වාහන වල වටිනාකම (CIF Value)  රු. ලක්ෂ 40 ඉක්මවූ විට වැඩිවන එම මුදලට සුඛෝපභෝගී බද්දක්ද, විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක වටිනාකම රු. ලක්ෂ 60 ඉක්ම වූ විට වැඩි වන මුදලට ද සුඛෝපභෝගී බද්දක්ද අය කිරීමට නියමිතය.

මෝටර් රථ සඳහා වූ තාක්ෂණය දියුණ වීමත් සමග වාහනවල සුඛෝපභෝගීභාවය තීරණය කරනු ලබන්නේ එන්ජින් ධාරිතාව මත නොව වාහනයකට ඇතුළත් විශේෂාංග අනුව බවත් ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 1800ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා ද සිලින්ඩර් ධාරිතාව 2300ට අඩු ඩීසල් කාර් සහ ජීප් රථ සහ කිලෝ වොට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත අය කරනු ලබන බද්ද නොවැම්බර් මස 01 දා සිට ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඔක්තෝබර් මස 31 වැනි දා වන තෙක් ණයවර ලිපි විවෘත කර 2020 අප්‍රේල් 21 වැනි දිනට පෙරාතුව ආනයනය කර නිශ්කාෂණය කරන වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua, Axio, Premio, Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද  මෙම සුඛෝපභෝගී බද්දට අයත් නොවන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad