සජිත්-ඩඩ්ලි ජයික් හිල්ටන් හෝටලයේ රහස් සාකච්චා… සජිත් ශ‍්‍රීලනිප සහාය ඉල්ලයි.. ඩඩ්ලි මෛත‍්‍රීට අගමැතිකම ඉල්ලයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 14, 2019

සජිත්-ඩඩ්ලි ජයික් හිල්ටන් හෝටලයේ රහස් සාකච්චා… සජිත් ශ‍්‍රීලනිප සහාය ඉල්ලයි.. ඩඩ්ලි මෛත‍්‍රීට අගමැතිකම ඉල්ලයි !

ක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අතර රහසිගත සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා දිනයේ කොළඹ යුනියන් පෙදෙසේ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත් වී තිබේ.

ජනාධිපතිවරණයේ ආසන්නයේදී සිදුව ඇති මෙම හමුවූ ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක් වී ඇත.

හෝටලයේ කාමරයක් වෙන්කර ගෙන තිබුණේ වෙනත් අයෙකුගේ නමින් ඉතා පෞද්ගලිකව කිසිවෙකුට සැකයක් ඇති නොවන පරිදිය.

මෙම සාකච්ඡාවේදී ‍ප‍්‍රධාන මාතෘකාව වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳවයි.

සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණහොත් ශ්‍රීලනිපයෙන්ද අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට පැමිණිය යුතු බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම සෑහෙන ප්‍රමාණයකින් අඩු වීමට එය බලපාන නිසා තම ජයග්‍රහණය තහවුරු කරගැනීමට එය ඉවහල් වන බව ද ඔහු පෙන්වා දී තිබේ.

මෙහිදී ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ අගමැති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි වන්නේ නම් ඒ ගැන සෘජුව තමන් මැදිහත්ව කටයුතු කරන බවයි.

යම්හෙයකින් එජාපෙ අපේක්ෂකත්වය නොලැබුණහොත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රීලනිපය ද හවුල් කරගෙන ජනාධිපතිවරණ සටනට පිවිසීම ගැන ද මෙහිදී සාකච්ඡා කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතාට අගමැති ධුරය ලැබෙන්නේ නම් අවශ්‍ය සහයෝගය ලබා දීමට මැදිහත් වීම තමන්ට හැකි බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇත.

– තොරතුරු මව්බිම පුවත්පතිනි..


No comments:

Post a Comment

Post Bottom Ad