මිහින්තලේ ප්‍රා. සබේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 17, 2019

මිහින්තලේ ප්‍රා. සබේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට

මිහින්තලේ ප්‍රා. සබේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට

මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී තරුණයන් පිරිසකට අද (17) අලුයම  පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කළැයි කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රණසිංහ ආරච්චිලාගේ නිපුන මධුසංඛ රණසිංහ නැමති පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරයෙකි.

මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී  එම ස්ථානයේ රැදි සිටි තරුණයන් පිරිසක් සහ මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය කියයි.

මෙම ගැටුමේදී මන්ත්‍රීවරයා විසින් තමන්ට පොල්ලකින් පහරදුන් බවද ගැටුමෙන් තුවාල වුවන් විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධියෙන් තුවාල ලැබු සිව් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇති අතර තවත් පුද්ගලයකු මිහින්තලය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධියෙන් මන්ත්‍රීවරයාට ද සුළු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් සියඹලාගස්වැව,කන්නනට්ටිය සහ කලත්තෑව පදිංචි අවුරුදු 20 ත් 25 ත් අතර වියේ පසුවන්නන්ය.

අත්අඩංගුවට ගනු ලැබු සැකකාර මන්ත්‍රීවරයා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad