"පළාත් සභා මැතිවරණය කල්දාන්නේ දෙවැනි පෙළට බය හින්දයි" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 17, 2019

"පළාත් සභා මැතිවරණය කල්දාන්නේ දෙවැනි පෙළට බය හින්දයි"

පළාත්  සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා මැතිවරණය කල් දමන සැබෑ හේතුව එය බවත්  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොස්ගොඩදී පැවසිය.

"මැතිවරණ පැවැත්වීම ගැන  බොහොම රාවයක් තියෙන මේ වෙලාවේ අපි විමසා සිටින්නේ පළාත් සභා ඡන්ද විමසීම තියෙන එක ගැන තමයි. පළාත් සභා ඡන්ද විමසිම ප්‍රමාද කරන්නේ, අපට පේන විදියට, සියලුම දැනට මහජන නියෝජිත ආයතවල ඉන්න අය හිතනවා දෙවැනි පෙළක් එන එක හොඳ නෑ කියලා."

"මට හිතෙන්නේ දැන් මේකට ඔක්කොම විරුද්ධ වෙලා තියෙන්නෙ වෙන හේතුවක් හින්ද නෙමෙයි. නොතියන්නෙ දෙවැනි පෙළක් ඉස්සරහට එයි කියලා බයට වෙන්ට ඕනේ. නැත්තම් කිසිම හේතුවක් නෑ පළාත් සභා ඡන්දේ කල්දාන්න" යැයි ඒ මහතා පැවසිය. 

No comments:

Post a Comment

Post Bottom Ad