වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 18, 2019

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි

වඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව ඊයේ (17) 1,000 ඉක්මවා ගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
   
ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඊයේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී තිබූ සමස්ථ  පැමිණිලි සංඛ්‍යාව 839 කි. ඊයේ දිනයේ පමණක් පැමිණිලි 12 ක් ලැබී තිබුණු බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
 
ඊයේ දිනය වනවිට දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය වෙත  ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 164 ක් විය. මේ අනුව ඊයේ දිනය වනවිට වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1003 කි.

බෞද්ධ කාන්තාවන් වඳසැත්කම්වලට ලක් කිරීමේ චෝදනාව අනුව පසුගිය මැයි මස 26 වන දින සිට ඊයේ (17) දක්වා අඛණ්ඩව දින 23 ක් එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම්වලට සහ වෙනත් කාන්තා රෝග සඳහා සැත්කම්වලට ලක්කළ බවට සැකකෙරෙන කාන්තාවෝ මෙසේ තම පැමිණිලි ඉදිරිපත් කළහ.

ඔවුහු කුරුණෑගල ශික්ෂණ රෝහලට, දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය වෙත තම පැමිණිලි ඉදිරිපත් කළහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද, කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වෛද්‍යවරයාට එරෙහිව ලැබෙන පැමිණිලි බාර ගනිමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad