හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පොහොට්‌වේ මන්ත්‍රී දිගන ජාතිවාදී ප්‍රහාරයටත් සම්බන්ධ බව ‌‌හෙලිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 22, 2019

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පොහොට්‌වේ මන්ත්‍රී දිගන ජාතිවාදී ප්‍රහාරයටත් සම්බන්ධ බව ‌‌හෙලිවෙයි

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ඊයේ (20) රාත්‍රී 11.30ට පමණ අත්අඩංගුවට ගත් පොහොට්ටු පක්ෂයේ යටිනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී දමිත් චතුරංග බණ්ඩාර හේරත් නොහොත් “බංටි” නැමැත්තා මීට පෙර එනම් 2018 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල ඇතිවූ තෙල්දෙනිය, දිගන ප්‍රදේශවල කලහකාරී සිදුවීම්වලට සම්බන්ධවීම මත අත්අඩංගුවට පත්ව ඇප ලබා ඇති අයෙකු බව වාර්තා වේ.

එමෙන්ම මොහු අයිස්, තූල් නැමති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු බවට ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ රහසක්ව පැවති බවද පැවසේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා විටත් මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 611ක් සොයාගෙන ඇත.

රණවන පිහිටි ඔහුගේ හෝටලයක් මූලික කරගෙන මොහු සිය ජාවාරාම මෙහෙයවා ඇති බවද මේ වනවිට අනාවරණට වී ඇති බව පැවසේ.

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම දමිත් චතුරංග බණ්ඩාර හේරත් නැමති මන්ත්‍රීවරයා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ සමීපතම ගෝලයෙකු බවත් පැවසේ.

මොහු සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතියි.

No comments:

Post a Comment

Post Bottom Ad