පාස්කු ප්‍රහාරය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 22, 2019

පාස්කු ප්‍රහාරය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක්

පාස්කු ප්‍රහාරය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක්

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තේරීම් කාරක සභාවක් පත් කිරීම වුණි.

ඒ අනුව මෙම තේරීම් කාරක සභාව සාමාජිකයින් 40 දෙනෙකුගෙන් සමන්විතය.

මෙම තේරිම් කාරක සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු, ප්‍රධාන විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 13 දෙනෙකු, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නියෝජනය කරනු ලබයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ලැබී තිබු‍ණේ ද යන්න පිළිබඳවත්, එවැනි ප්‍රහාර වැලැක්වීමට හෝ අවම කිරිමට ප්‍රමාණවත් පියවර ගත්තේද යන්න ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කළ යුතුය.

එමෙන්ම අදාල කාරක සභාවේ පළමු රැස්වීම් දිනයේ සිට මාස 03 ක් ඇතුලත හෝ ඊට පෙර පාර්ලිමේන්තුව නියම කරන දිනයක මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතු බව සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad