අමිත් වීරසිංහ රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

අමිත් වීරසිංහ රිමාන්ඩ්

අමිත් වීරසිංහ රිමාන්ඩ්

"මහසොහොන් බලකාය" සංවිධානයේ නායක අමිත් වීරසිංහ පසුගියදා පොලීසිය විසින් තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ රටපුරා ජාතීන් අතර අසමගිය ඇතිකරලීමට කටයුතු කිරීමට සැක පිට කොළඹ-දකුණ දූෂන මර්ධන කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. 

වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුව රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් පොලීසිය අධිකරණයෙන් අද(15) දින ඉල්ලීමක් කළේය.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය විසින් අමිත් වීරසිංහ ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකල අතර 

සැකකරුගේ නීතිඥවරයා විසින් ඔහු ඇප මත මුදා හරින ලෙස අධිකරණය හමුවේ කල ඉල්ලීමද ප්‍රතික්ෂේප කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad