මංගල ලිට්‍රෝ සමාගමට පත් කළ මොහොමඩ් ෆාරුක්ට අධිකරණයෙන් තහනම් නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 15, 2019

මංගල ලිට්‍රෝ සමාගමට පත් කළ මොහොමඩ් ෆාරුක්ට අධිකරණයෙන් තහනම් නියෝගයක්

මංගල ලිට්‍රෝ සමාගමට පත් කළ මොහොමඩ් ෆාරුක්ට අධිකරණයෙන් තහනම් නියෝගයක්

මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වන ලිට්රෝ ගෑස් සමාගම සඳහා නව අධ්‍යක්ෂක මණ්ඩලයක් ලිට්රෝ ගෑස් ප්‍රධාන ආයතනයේ දී වැඩ ආරම්භ කරන ලදී.

නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස මොහොමඩ් ෆාරුක් නමැති අය පත් කර තිබූ අතර ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් ලෙස ජෙහාන් විජේරත්න, සමන්ත පෙරේරා, දයා රත්නායක, රත්නසිරි පෙරේරා යන අය පත් කරන ලදී.

මෙම ආයතනයේ වැඩ ආරම්භ කිරීම ඊයේ (14) දින සිදුවූ අතර හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතාට දන්වා තිබුණේ ඊයේ (14) දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් වැඩ භාරගැනීමට නියමිත බැවින් වහාම සේවා ස්ථානයෙන් ඉවත් වන ලෙස ය.

මේ සම්බන්ධව හිටපු කළමණාකාර අධ්‍යක්ෂක මුදිත පීරිස් මහතා විසින් පවසා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මෙම මැදිහත්වීම නීත්‍යානුකූල නොවන බවය.

එබැවින් අද දින මුදිත පීරිස් මහතා තම නීතිඥයෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමතිවරයාගේ මෙම වර්තමාන ක්‍රියා කලාපය නිත්‍යානුකූල නොවන බවත් එම පත්වීම් අවලංගු කරන ලෙස ය.

අධිකරණ විනිසුරුවන් මෙම ඇපෑල සලකා බලා වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය නීත්‍යානුකූල නොවන බවන් හිටපු කළමණාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතා සහ අධ්‍යක්ෂක මණ්ඩලයට අද (15) ආයතනයේ වැඩ බාර ගන්නා ලෙසත් නියෝග කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad