බදියුදින්ට එරෙහි විශ්වාසභංගයක් තවම ලැබුණේ නෑ - කරූ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 16, 2019

බදියුදින්ට එරෙහි විශ්වාසභංගයක් තවම ලැබුණේ නෑ - කරූ

බදියුදින්ට එරෙහි විශ්වාසභංගයක් තවම ලැබුණේ නෑ - කරූ

අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුවත් මේවන තුරු තමන් අතට එවැන්නක් බාරදී නොමැති බවත් පාස්කු ඉරුදින එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හා ඉන් පසු රටේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවත් කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

අසූව දශකයේ අසහනය පැවැති අවස්ථාවලදී පූර් ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ අයුරින්ම, ඉදිරියේදී ජාතිවාදි අර්බුද නිර්මාණය නොවීමට කරුණු පරික්ෂා කිරීම සඳහා මෙම කොමිසම පත් කිරීම වැදගත් යැයි ජනාධිපතිවරයා දැනුවත් කරන බවද ඔහු පැවැසීය.  

ඊයේ (15) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රට තුළ පවතින වාතවරණය සහ ඉදිරියේදී වෙසක් උත්සවය පැවැත්වීම පිළිබඳව සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම සඳහා කථානායක කරු ජයසූරිය, වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, සහ අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරු  මහනුවරට පැමිණියහ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad