අලුත උපන් දරුවා ත්‍රිරෝද රථයක තබා පලා ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 4, 2019

අලුත උපන් දරුවා ත්‍රිරෝද රථයක තබා පලා ගිහින්

ගොවිඳුපුර පොලිස් බල ප්‍රදේශයට අයත් 09 කණුව තැපැල් කාර්යාලය අසල නිවෙසක් ඉදිරිපිට නතර කර තිබූ ත්‍රිරෝද රථයක ඉකුත් 28දා රාත්‍රි 11ට පමණ උපන් හැටියේ දරුවකු ගෙනත් දමා පලාගොස් ඇත. මේ දරුවා ඉකුත් 28 වැනිදා ඉපදී ඇති බවත් බිලිඳාගේ පෙකණිවැල පවා කපා නොතිබූ බව දරුවා මුලින්ම දුටු මවක්
පවසයි. මේ සම්බන්ධ තරුණියක් හා ඇගේ පෙම්වතා සමඟ ඊට අනුබල දුන් පුද්ගලයකු පෙරේදා (02දා) ගොවිඳුපුර පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇත.
මෙදින රාත්‍රි 11.45ට පමණ නිවෙසේ වහලය මතට ගල් විසිකරන හඬ ඇසී නිවැසියන් ‍දොර විවෘත කර බලන විට නිවෙස ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක
පසුපස අසුනේ මෙම බිලිඳා හඬමින් සිටිනවා දැක ඔවුන් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අමතා බිලිඳා රෝහල් ගත කොට

පසුව මේ පිළිබඳව ගොවිඳුපුර පොලිසියට පැමිණිලි කර තිබිණි. ත්‍රිරෝද රථයක් තුළ දමාගිය බිලිඳාගේ මවට අවුරුදු දහඅටක් වන බවත් ඇය කන්දඋඩපංගුව කදන්කැටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් අනාවරණය වී තිබේ. සැකකාර පියා විසිහැවිරිදි සියඹලාණ්ඩුව අම්පාර පාර 01 කණුව ප්‍රදේශයේ පදිංචි අයකු බව හෙළිවී ඇත.

මේ කටයුත්තට ඔවුන්ට ආධාර අනුබල දී සහාය වූ තැනැත්තා සියඹලාණ්ඩුව ගල්අමුණ ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය පවසයි.

මෙම සැකකාර යුවළ අවිවාහක බවත් ඔවුන්ට ස්ථිර රැකියාවක් හෝ විවාහ වී පදිංචි වීමට නිවෙසක් නොමැති නිසා අලුත උපන් දරුවා මෙසේ ත්‍රිරෝද රථයක දමා ගිය බව ඔවුන් පොලිසියට පවසා තිබේ. එම බිලිඳා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ ප්‍රතිකාර හා රැකවරණය ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළ හා ඊට ආධාර අනුබල දුන් පුද්ගලයා ඊයේ (03දා) සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කෙරිණි.

-සංජීව බණ්ඩාර-

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *