ඝාතනයවූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදනාගේ ජංගම දුරකථන කලපුවකින් සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 3, 2019

ඝාතනයවූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදනාගේ ජංගම දුරකථන කලපුවකින් සොයා ගැනේ

ඝාතනය  කරන  ලද  රත්ගම  ප‍්‍රදේශයේ  ව්‍යාපාරිකයින්  දෙදනාගේ  ස්මාට් වර්ගයේ  ජංගම දුරකථන   දෙක  දික්වැල්ල  නගරාසන්න  නව  බෙලිඅත්ත  මාර්ගයේ  සපත්තු  පාලම  අසළ  කලපුවට  දමා  තිබියදි  ගාල්ල
නාවික  කඳවුරේ  කිමිදුම්කරුවන්  මගින් අද (03 )  දහවල්  සොයාගත්  බව  අපරාධ  පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ  මිනිමැරුම් විමර්ශන  අංශය  පවසයි.
මෙම  දුරකථන  එම  ව්‍යාපාරිකයින් 
දෙදදෙනාගේම  බවට  ඉමි  අංක සැසදීමෙන්  තහවුරු  වූ  බව  එහි  සිටි  නිලධාරියකු  පැවසීය.
අත්අඩංගුවට  ගන්නා ලද  සැකකරුවන්ගෙන්  ප‍්‍රශ්න  කිරීමෙන්    හා  කරන  ලද  විමර්ශන  ඔස්සේ ව්‍යාපාරිකයින්ගේ  සිරුරු වලස්මුල්ල  ප‍්‍රදේශයේදි  පිළිස්සිමෙන්  පසු  මාතර  දෙසට  යන  අතරතුර   එම  දුරකථන  මෙම  කලපුවට  දැමූ  බවට  තොරතුරු  ලැබී  ඇත.
මෙම  සිදුවීම  දැක  බලා  ගැනීමට  ප‍්‍රදේශවාසීහු  විශාල  පිරිසක්  එක්  රොක්වූ අතර දික්වැල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ගයන්ත කරවිට මහතා ඇතුළු නිලධාරිහු මාර්ගය අවහිර නොවන පරිදි කටයුතු කළහ.

නිමල් ලන්දගේ

No comments:

Post a Comment

Post Bottom Ad