දකුණේ ආණ්ඩුකරු සවුත්ලන්ඩ් විදුහල්පතිනියට බැණ තර්ජනය කළැයි විමර්ශනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 3, 2019

දකුණේ ආණ්ඩුකරු සවුත්ලන්ඩ් විදුහල්පතිනියට බැණ තර්ජනය කළැයි විමර්ශනයක්

https://www.gossiplankanews.com/2019/03/keerthi-sandya-southland-issue.html
කුණු පළාත් නව ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ  විදුහල්පතිනිය සන්ධ්‍යා පතිරණවසම් මහත්මියට බැණ තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබී තිබීම මත පොලිස්
විමර්ශනයක් ඇරඹී තිබේ.
සවුත්ලන්ඩ් විද්‍යාලයට  ඇතුළත් කළ යුතුබවට නියමවූ දැරියන් හතර දෙනකු මේ වන තෙක් ඇතුළත් කර නොගත් නිසා බැණ තර්ජනය කළ බවට ඇය පොලිසියට පැමිණිලි කරමින් කියා තිබේ.
පසුගිය 28 වැනි දා මෙම විදුහල්පතිනියට ආණ්ඩුකරු දුරකතන ඇමතුම් දී

ප්‍රතිචාරයක් නොලද නිසා වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට එහි ගොස් පණිවිඩය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇති අතර

 ඒ අනුව වරාය පොලිසිය නිවසට ගියද ඒ වන විට විදුහල්පතිනිය ආගමික වතාවත් සඳහා ගොස් සිටි බවත්, ඒ අනුව එම  විහාරස්ථානයට ගොස් වරාය පොලිසියේ ස්ථානාධිපතිගේ දුරකතනයෙන් ආණ්ඩුකරුට ඇමතුමක් ගෙන විදුහල්පතිනියට දුන් බවත් පැවසේ බැණවැදීම සිදුව ඇත්තේ එම අවස්ථාවේය.

 ගාල්ල පොලිසිය  පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාලයේ  ආරක්ෂක නිලධාරියාගෙන් සහ විදුහල්පතිනියගේ සැමියාගෙන් මේ  වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ගාල්ල සවුත්ලන්ඩ් විද්යා ලය පළාත් පාසලක් නොවන බැවින් විදුහල්පතිනියට උපදෙස් දීමට ආණ්ඩුකාරවයාට බලයක් නැති බව ගුරු සංගම් කියයි. 
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය කියයි.
මින් ඉහත බස්නාහිර නව ආණ්ඩුකරු අසාද් සාලි හා නුගේගොඩ අනුලා විදුහලිපතිනිය අතරද ප්‍රශ්නයක් ඇතිව තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad