ඇප ලබා පැමිණි පසු ලාල්කාන්තට විනය පියවර ගන්නවා - බිමල් රත්නායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 4, 2019

ඇප ලබා පැමිණි පසු ලාල්කාන්තට විනය පියවර ගන්නවා - බිමල් රත්නායක

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ සිටින කේ. ඞී. ලාල්කාන්ත මහතා ඇප ලබා පැමිණීමෙන් පසුව ඔහුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (03 දා) ප‍්‍රකාශ කළේය.

 ලාල්කාන්ත මහතාට එරෙහිව පක්ෂයෙන් ක‍්‍රියා මාර්ගයක් ගන්නේ බීමත්ව රිය පැදවීම සහ අනතුරක් සිදුකිරීම
යන චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශ්වයෙන් කරුණු විමසීමෙන් පසුව බවද රත්නායක මහතා කීවේය.

 ‘‘අපේ පක්ෂයේ සාමාජිකයකු අතින් සිදුවූ මේ රිය අනතුරට ලක්ව රෝහල්ගතව සිටින කාන්තාවන් දෙදෙනා ගැන කනගාටුවට පත් වෙනවා. දැනට මේ සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ගයක් පවතිනවා.
ජනතා විමුක්ති පෙරමුණ මේ අධිකරණ කටයුතුවලට කිසිදු මැදිහත්වීමක් සිදුකරන්නේ නැහැ. මේ අධිකරණ ක‍්‍රියා මාර්ගයෙන් පසුව තමයි ලාල්කාන්ත මහතා මේ චෝදනා ගැන කියන්නේ කුමක්ද කියා සාකච්ඡා කරන්නේ. එ් සාකච්ඡාවෙන් පසුව ඉදිරි ක‍්‍රියා මාර්ග ගන්නවා.

 මෙම සිද්ධියට අදාළව රාජ්‍ය ආයතනවලින් අධිකරණයට වාර්තා ඉදිරිපත්කර තිබෙනවා. එ් වාර්තාවලට බලපෑම් කරන්නවත් එ්වායේ සත්‍ය අසත්‍යභාවය ගැන ප‍්‍රශ්න කරන්නවත් අපි සූදානම් නැහැ. ලාල්කාන්ත මහතා ජනතා විමුක්ති පෙරමුණේ වගකිවයුත්තෙක්. ඔහු සමඟත් මේ ගැන සාකච්ඡුා කළ යුතුයි. පක්ෂයේ විනය නීති මාලාව නිරතුරුවම දිගු කාලයක සිට පවත්වාගෙන යනවා. ඊට තරාතිරම අදාළ වන්නේ නැහැ.

 අපේ පක්ෂය මත්පැන් සහ දුම්පානය නොකරන්නේ කිසිදු ආගමික හේතුවක් හෝ පාපයක් සිද්ධවනවා කියා හෝ නොවේ. මූල්‍යමය හේතු මත, සදාචාරාත්මක හේතු මත වගේම විශේෂයෙන් දේශපාලනයමය හේතු මත මේවා නොකළයුතු බවට සම්ප‍්‍රදායක් ජවිපෙ 1966 සිට අනුගමනය කරනවා. මෙය නීතියක් ලෙස පක්‍ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කර නැහැ. එය යම් යම් අවස්ථාවල කඩ කළ අයත් ඉන්නවා. පක්ෂයට බැඳෙන්නේ කැමැත්තෙන්. පක්ෂයේ වැඩ කරන්නෙත් කැමැත්තෙන්. පක්ෂයේ විනය නීති මාලාව පිළිපදින්නෙත් කැමැත්තෙන්. හොඳ රටක් , හොඳ සමාජයක් හදද්දී අවශ්‍ය කරන සම්ප‍්‍රදායන් තමයි අනුගමනය කරන්නේ’‘ යැයිද බිමල් රත්නායක මහතා කීවේය.

 බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී බිමල් රත්නායක මහතා මේ බව කීය. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

අජිත් අලහකෝන්

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *