ජපුරෙ කථිකාචාර්ය බීමත්ව පැදවූ රථයේ හැපී කාන්තාවක මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 2, 2019

ජපුරෙ කථිකාචාර්ය බීමත්ව පැදවූ රථයේ හැපී කාන්තාවක මරුට

ඊයේ (01) රාත්‍රියේ මහරගම - ඇරැව්වල ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක් ත්‍රි රෝද රථයක හා යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි  57 හැවිරිදි කාන්තාවක
බරපතල තුවාල ලබා
පසුව මියගොස් තිබේ.
ජීප් රථය පදවා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථීකාචාර්යවරයෙකු විසින් බවත් එහු බීමත්ව රථය පදවමින් සිටි බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
කථීකාචාර්යවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතයි.
මහරගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad