උසස් පෙළ සිසුන්ට 2019දි ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 2, 2019

උසස් පෙළ සිසුන්ට 2019දි ටැබ් දෙන්න කැබිනට් අනුමැතිය

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක දීමේ ව්‍යාපෘතිය සඳහා  කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා ඊයේ (28) පැවැසීය.
දිවයිනේ සියලු පාසල් වලට කාණ්ඩ කීපයක් යටතේ ටැබ් පරිගණක දීම සඳහා අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කර තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා ඉදිරි සති දෙක ඇතුළත එම කමිටුවේ තීරණය ලැබෙනු ඇතැයි කීය.

මේ වසරේ අවසානයට පෙර සියලු පාසල් වලට ටැබ් පරිගණක ලබාදීම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ  ගලහිටියාවේ මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ තෙමහල් තාක්‍ෂණ පීඨ ගොඩනැගිල්ලත්  ගම්පහ හේමමාලී මහා විද්‍යාලයයේ දෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ලත් සිසු අයිතියට පත් කිරිමෙන් පසු පැවැති උත්සව සභාව අමතමිනි.

-අංජුල මහික වීරරත්න-


No comments:

Post a Comment

Post Bottom Ad