කොකේන් ගැසූ ජනප්‍රිය නිළියක් ඇතුළු 17ක් පොල්හේන ෆේස් බුක් සාදයකදී මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 4, 2019

කොකේන් ගැසූ ජනප්‍රිය නිළියක් ඇතුළු 17ක් පොල්හේන ෆේස් බුක් සාදයකදී මාට්ටු


ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහඳුනාගෙන සංවිධානය කළ සාදයකට සහභාගී වී කොකේන් හා හදුනා
නොගත් මත් පෙති පානය කරමින් සිටි බව කියන රංගන ශිල්පිනියක ඇතුළු තරුණ තරුණියන් 17 දෙනකු ඊයේ (03) උදෑසන මාතර පොල්හේන ප‍්‍රදේශයේ හෝටලයක් තුළදී ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. අන්තර්ජාලයේ ෆේස් බුක් හරහා සම්බන්ධ වී ඇති ඔවුන්
මාතර මිරිස්සේ හෝටලයක පැවති රාත්‍රී සාදයකට සහභාගී වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 රාත්‍රිය මුළුල්ලේ පැවති එම සාදයට විදේශිකයන් ඇතුළු කරුණු තරුණියන් 1500ක් පමණ සහභාගිවී ඇති බවද සැකකරුවන් පිරිස ඒ අතරතුරදී විවේකයක් ගැනීමට ඉන් පිටතට පැමිණ ඇති බවද කියයි.

ඒ අනුව ඔවුන් පොල්හේනේ හෝටලයට පැමිණ කාමර දෙකක් කුලී පදනම මත ලබා ගෙන කොකේන් පානය කරමින් සිටියදී පොලිසිය විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

අදාළ ෆේස්බුක් සාදය ඊයේ (03) සවස් වන තෙක් පැවැත්වීමට සැලසුම් කර තිබුණත් ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී ඇති බවට සංවිධායකයන් දැන ගැනීම නිසා උදෑසන කාලයේදී ම එය අවසන් කර ඇති බවට කොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

එහිදී නාඳුනන පුද්ගලයකු වැඩිපුර රංගනයේ යෙදීම සඳහා තමන් සියලු දෙනාට මත් පෙත්තක් දුන් බවත්, එය පානය කළ පසු  මත් වන්නට පටන් ගත් බවත් එම තරුණ තරුණියන් පිරිස පොලිසියට ප්‍රකාශකර තිබේ.

කෙසේ වෙතත් සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම්. 1 යි මිලිග්‍රෑම් 550 ක් හා මිලි ග්‍රෑම් 250 ක් අඩංගු හදුනා නොගත් මන් පෙත්තක් පොලිසිය විසින් සොයාගෙන ඇත.  ඒ පිළිබඳව මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ගයංග හසන්ත මාරපන මහතාට ලැබුණු කොරතුරකට අනුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මෙම වැටලීම සිදුකර තිබුණි.

ඒ වන විට අදාළ රංගන ශිල්පිනිය ඇතුළු කරුණියන් තිදෙනා හොඳහැටි මත්වී  සිටි බව පොලිසිය කියයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර මාතර නගරයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකු ද සිටින බව උසස් පොලිස් නිලධාරියක් පැවසිය.

මාතර, කොළඹ, පානදුර, කෙසෙල් වත්ත, ජා ඇල. මාබෝල හා වත්තල පදිංචි සැකකරුවන් පිරිස අද (04) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙක ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 -ක්‍රිෂාන් ජීවක ජයරුක්-

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *