ධීවර ආරවුලක් නිසා වෙඩිතැබීම් - තංගල්ලේ 4 ක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 25, 2018

ධීවර ආරවුලක් නිසා වෙඩිතැබීම් - තංගල්ලේ 4 ක් මරුට


තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර වරායේදී අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු
මිය ගොස් තිබේ.
අද උදෑසන 7.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධීවර පිරිසක් එකට සිටි ස්ථානයක් ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූවන් අවට රෝහල් වෙත යොමු කළ බවයි.
එහිදී වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් තුවාල කරුවෙකුට බරපතල බවද වාර්තාවේ.
මෙය ධීවරයින් දෙපිරිසක් අතර පැවති ආරවුලක් මත සිදු කරන ලද වෙඩි තැබීමක් බවට පොලිසියට කරුනු සැලව ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad