බස්නාහිර පළාත් සභාවට එක්කෝටි හැටතුන් ලක්ෂයක එයාර්ෆෙෂ්නර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 12, 2018

බස්නාහිර පළාත් සභාවට එක්කෝටි හැටතුන් ලක්ෂයක එයාර්ෆෙෂ්නර්


නව බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ කාර්යාල සඳහා එකක් රුපියල් දහඅට දහස් හත්සියයක් වටිනා එයාර්ෆේෂ්නර් යන්ත්‍ර 875ක් රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ හැට දෙදහස් පන්සියයක් ගෙවා මිලදී ගෙන
ඇතැයි පළාත් සභා

මන්ත්‍රි සමාලෝචන ගමගේ මහතා චෝදනා කරයි.මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ එම යන්ත්‍රවලට නැවත සුවඳ විලවුන් සහිත දියර පිරවීම සඳහා එක් යන්ත්‍රයකට රුපියල්  තුන්දහසක මුදලක් වැය වන බවත් එය සති තුනකට වතාවක් කළ යුතු බවත්ය.

ඒ සඳහා එක් වරකට එයාර් ෆෙෂෟනර් යන්ත්‍රවලට නැවත දියර පිරවීම සඳහා රුපියල් විසිහය ලක්ෂ විසිපන්දාක මුදලක් වැය වන බව මන්ත්‍රිවරයා අවධාරණය කරයි. මන්ත්‍රිවරයා පසුගියදා බස්නාහිර පළාත් සභාවේදී මේ බව ප්‍රකාශ කළේය.

-ඉෂාරා සිල්වා-

No comments:

Post a Comment

Post Bottom Ad